කැබ් රථ මිලදී ගන්නේ රාජ්‍ය සේවය ශක්තිමක් කිරීමට
2025 November 12- Page Views : 1188
රජය අයවැය හරහා කැබ් රථ 1,775ක් මිලදී ගැනීම සිදු කරන්නේ රාජ්‍ය සේවය ශක්තිමක් කිරීම අරමුණු කරගනිමින් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
එහි ප්‍රමුඛ අරමුණ මන්ත්‍රීවරුන්ට වාහන ලබා දීම නොවන බවයි ඔහු සඳහන් කර සිටියේ.
කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පවසා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.