WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

උණ්ඩ-ගිනි අවි සමඟ විශ්‍රාමික ඉඩම් රෙජිස්ට්‍රාර් අත්අඩංගුවට

2025 November 13- Page Views : 27

බෝර 12 වර්ගයේ උණ්ඩ 125 ක් තොගයක් හා රයිෆල් වර්ගයේ ගිනි අවියක් සමඟ විශ්‍රාමික අතිරේක ඉඩම් ජෙරිස්ට්‍රාර්වරයකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

එම සැකකරු සන්තකයේ තිබී බෝර 12 වර්ගයේ උණ්ඩ 125 ක්  හා අංක 407088 දරණ රයිෆල් වර්ගයේ ගිනි අවිය සොයාගෙන ඇත.

කඩුවෙල වැලිවිටිය ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු 61 හැවිරිදි පුද්ගලයෙකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.