කිරින්දෙන් හමුවූ මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන යාත්‍රාවක් සොයා ගැනේ
2025 November 16- Page Views : 1187
පසුගියදා තිස්ස කිරින්ද ප්‍රදේශයේදී සොයාගත් මත්ද්‍රව්‍ය තොගය මෙරට මුහුදු තීරයට ප්‍රවාහනය කළ බව සැකකෙරන බහුදින ධීවර යාත්‍රාවක් සොයාගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ මාතර කාර්යාලයේ නිලධාරීන් විසින් ඊයේ (15) තංගල්ලේදී මෙම ධීවර යාත්‍රාව සොයාගෙන ඇත.
ධීවර යාත්‍රාව සමග සැකකරුවන් පස් දෙනෙකුද එම නිලදාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.