WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගංජා සමග සජබ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

2025 November 17- Page Views : 1187

බදුල්ල, පල්ලේවත්ත ප්‍රදේශයේ දී ගංජා මත්ද්‍රව්‍ය සමග ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු බවත් වාර්තා වේ.

එමෙන්ම සැකකරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු මෙන්ම හාපත්ගමුව විදුලිවැට ආරක්ෂක සහයක නිලධාරියෙකු වශයෙන්ද කටයුතු කරන බවත් පොලීසිය පැවසීය.

ගංජා අලෙවියේ නිරත බවට පොලීසියට ලද තොරතුරක් මත පොලීසිය විසින් උපාය දූතයෙකු යොදවා සිදුකරන ලද හදිසි වැටලීමේදී අලෙවිය සඳහා සකස් කර තිබූ ගංජා ග්‍රෑම් 86ක් සමග සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරන අතර අද දිනයේදී බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.