GMOA නියෝජිතයින් පිරිසක් සාකච්ඡාවක් සඳහා ජනපති ලේකම් කාර්යාලයට
2025 November 17- Page Views : 1187
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (17) උදෑසන සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ඇරඹු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලට පැමිණ තිබේ.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවකට සහභාගී වීම සඳහාය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉහළ නිලතල දරන වෛද්‍යවරු රැසක් මෙම සාකච්ඡාව සඳහා එක්ව තිබේ.
එම සාකච්ඡාව මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බවත් වාර්තා වේ.