ගුවන්තොටුපොළේ අතහැර ගිය බෑගයේ කෝටි 11 ක ගංජා
2025 November 18- Page Views : 1187
කටුනායක ගුවන්තොටුපොළෙන් මඟහැරුණු ගමන් මල්ලක් ලෙස ගමන් මලු කාර්යාලයට මාරුකළ ගමන් මල්ලක තිබූ රුපියල් කෝටි 11 කට අධික වටිනාකමින් යුත් ගංජා තොගයක් සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්‍ෂ චන්දන පුංචිහේවා මහතා පැවසීය.
එම ගමන් මල්ල තුළ ගංජා කිලෝ 11 යි ග්‍රෑම් 367 ක් තිබූ බවත් එහි ඇස්තමේන්තු වටිනාකම රුපියල් 113,670,000 ක් බවත් රේතු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මෙම ගමන් මල්ල කටුනායක ගුවන්තොටුපොළ තුළ පසුගිය මාර්තු මස 17 වැනිදා අත්හැරදමා ගොස් තිබී ඇති බවත් එහිදී තිබූ ගංජා තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාසයට ඊයේ (17) භාරදුන් බවත් පුංචිහේවා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.