WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ත්‍රිකුණාමල සම්බුද්ධ ජයන්ති විහාරාධිපතිගෙන් පෙත්සමක්

2025 November 18- Page Views : 6

ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ දේවාල දෙකක් කඩාබිඳ දැමීමට වෙරල සංරක්ෂණ අධ්‍යකෂ ජනරාල්වරයා ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එහි විහාරාධිපති ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියෝ අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළහ.

ත්‍රිකුණාමලය සම්බුද්ධි ජයන්ත බෝධිරාජවිහාරයේ විහාරාධිපති ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමි  ගොනුකොට ඇති මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ පරිසර ඇමතිවරයා ඇතුළු පිරිසන් නම් කරනු ලැබ සිටිති.

තම විහාරය සෑදීමට ත්‍රිකුණාමලය නගර සභාව මගින් අවසර ලබා දුන් බවත් තත්ත්වය මෙසේ තිබියදී පසුගිය ජුනි 28 වැනි දින වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම විහාරයේ දේවාල දෙකක් ඉදිකිරීම අනවසර බව සඳහන් කරමින්, ඒවා ඉවත් කළ යුතු බව ලිපියක් මගින් දැනුම් දුන්නේය. මෙම තීරණය සම්පූර්ණයෙන් නීතියට පටහැනි බවත් අත්තනෝමතික බවත් පෙත්සම්කාර හිමිනම කියා සිටි.