ඉන්දියාවට අයත් 'INS SUKANYA' කොළඹට සේන්දු වෙයි
2025 November 19- Page Views : 1187
ඉන්දීය නාවික හමුදාවට අයත් 'INS SUKANYA' යුද නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (18) උදෑසන කොළඹ වරායට සේන්දු විය.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබීය.
මෙම 'INS SUKANYA' යුද නෞකාව, දිගින් මීටර් 101ක් පමණ වේ.
නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමදෝරු සංතෝෂ් කුමාර් වර්මා කටයුතු කරනු ලබයි.
මෙම නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එහි කාර්ය මණ්ඩලය ( නැව් මුළුව) ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩසටහන් සඳහා සහභාගීවීමට නියමිතය.
එමෙන්ම දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇත.
මෙම නිල සංචාරය නිමාකරමින් 'INS SUKANYA' එළැඹෙන 21වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.