දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වාර්තාවක් තියයි
2025 November 20- Page Views : 23
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම 2025 වර්ෂය වෙනුවෙන් නොවැම්බර් 17 දින වන විට රැස්කර ඇති අතර, එය රුපියල් මිලියන 2,002,241 ක් (රුපියල් බිලියන 2,002.241ක්) පමණ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියයි.
මෙය 2024 වර්ෂයේ සමස්ථ ආදායමට සාපේක්ෂව රුපියල් මිලියන 60,079 ක වැඩිවීමකි.
2024 සමස්ථ වර්ෂය තුළදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රැස් කරන ලද රුපියල් මිලියන 1,942, 162 ක බදු ආදායම සමග සැසඳීමේ දී ඉකුත් 17 දින වන විට බදු ආදායම රුපියල් මිලියන 2,002,241 ක් දක්වා වර්ධනය කර ගැනීම මගින් රාජ්‍ය මුල්‍ය තත්ත්වය ශක්තිමත්ව පවත්වා ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රශංසනීය දායකත්වයක් සපයා ඇත.
පවත්නා බදු නීතියට අනුගත වෙමින් රට වෙනුවෙන් හා රටේ පොදු මහජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් බදු ගෙවන ලද ගෞරවනීය බදු ගෙවන්නන්ටන් ඒ සඳහා විවිධාකාරයෙන් සහයෝගය ලබා දුන් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල නිලධාරීන්ටත් කෘතඥනාව පළ කරන බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් පි. එච්. ප්‍රනාන්දු මහතා පවසයි.