මවට හා 16 හැවිරිදි පුතුට ඇසිඩ් ප්‍රහාරයක් - මව මරුට
2025 November 21- Page Views : 1188
අයගම පොලිස් වසමේ කොළඹෑව ප්‍රදේශයේ කාන්තාවකට හා ඇයගේ වයස අවුරුදු 16ක් වූ පුත්‍රයාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ඊයේ (20) රාත්‍රියේ මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල වූ බවට පොලීසියට පණිවුඩයක් ලැබී තිබුණි.
ඇසිඩ් ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබු මව සහ දරුවාව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අදාළ ස්ථානයට ගොස් අයගම රෝහලට ඇතුළත් කර ඇත.
එහිදී 40 හැවිරිදි කොළඹෑව, ගවරගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි මව ජීවිතක්ෂයට පත්ව තිබේ.
අසල්වැසියන් පිරිසක් සමඟ ඇතිවූ පුද්ගලික ආරවුලක් මත මෙම අපරාධය සිදුකර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මෘත ශරීරය රත්නපුරය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අයගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබයි.