WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නුගේගොඩ රැළියට ශබ්ද කොන්දේසියක්

2025 November 21- Page Views : 5

නුගේගොඩ මහජන රැළිය පවත්වන ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය යාබදව  අධ්‍යාපන පොදු සහතික පත්‍ර ( උසස් පෙළ) විභාග මධ්‍යස්ථානයක් පවතින බැවින් මහජන රැළිය සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමේ දී  රැළිය පවත්වන පරිශ්‍රය තුළ පමණක් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරන ලෙස පොලිසිය රැළියේ සංවිධාකයන් දැනුවත් කරයි.

බලපත් කොන්දේසි අනුව කටයුතු කරන ලෙස ද පොලිසිය  බලපත්‍ර ඉල්ලුම්කරුවන් වෙත දැනුම් දී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

අද උදෑසන 8.30 සිට උදෑසන 11.40 දක්වා සහ සවස 2.00 සිට 5.00 දක්වා අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමේදී පවතින නීති රීතිවලට අනුව කටයුතු කිරීමට හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බාධාවකින් තොරව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමේදී පවතින නීති රීතිවලට අනුව කටයුතු කිරීමට හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බාධාවකින් තොරව විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමට  හා විභාග කටයුතු අවසන් වීමෙන් පසුව නැවත පිටව යාමට සහ විභාග පැවැත්වෙන අවස්ථාවේදී ඒ සඳහා කිසිදු බාධාවක් ඇති නොවන අයුරුන් කටයුතු කිරීමට වගබලා ගන්නා ලෙසට ශබ්ද විකාශනය කොන්දේසි ලබා දී ඇති මාධ්‍ය කොට්ඨාසය වැඩි දුරටත් සඳහන්කරයි.