පාසිකුඩා මුහුදේ දියනෑමට ගිය පුද්ගලයෙකු රළ පහරකට හසුවී අතුරුදන්
2025 November 24- Page Views : 1188
කල්කුඩා පොලිස් වසමේ පාසිකුඩා මුහුදු තීරයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු රළ පහරකට හසු වී අතුරුදන් වී ඇති බවට කල්කුඩා පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මෙලෙස අතුරුදන් වූ පුද්ගලයා වයස අවුරුදු 39 ක් වූ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ.
පොලිස් ජිවිතාරක්ෂක නිලධාරීන්, නාවික හමුදා ජීවිතාරක්ෂක නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ මෙහෙයුම්වල නිරතව සිටී.
කල්කුඩා පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.