ඉන්දීය යුද හමුදාපති ලංකාවේ සංචාරයකට
2025 November 26- Page Views : 21
ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි මෙරට සංචාරය කිරීමට නියමිතයි.
ඒ අනුව ලබන දෙසැම්බර් පළමුවැනිදා සහ 2 වැනිදා දෙදින නිල සංචාරයක් සඳහා ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති.
ඉන්දීය හමුදාව ප්‍රකාශ කරන්නේ මෙම සංචාරය ඉන්දු - ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගීතාවයේ වැදගත් පියවරක් සනිටුහන් කරන බවයි.
මෙම සංචාරය ඉන්දියාවේ "අසල්වැසියාට ප්‍රමුඛත්වය" (Neighbourhood First) දීමේ ප්‍රතිපත්තිය තහවුරු කරන බවද සඳහන්.
පුහුණු අවස්ථා, වෘත්තීය හුවමාරු, ඒකාබද්ධ අභ්‍යාස සහ මෙහෙයුම් භාවිතයන් පිළිබඳ සංවාද හරහා දෙරට හමුදා අතර සබඳතා තවදුරටත් ගැඹුරු කිරීම ද අපේක්ෂා කෙරෙනවා.
ජෙනරාල් ද්විවේදි ශ්‍රී ලංකාවේ දේශපාලන හා හමුදා නායකත්වය සමග සාකච්ඡා කිරීමට නියමිත අතර, එහිදී කලාපීය සහ ගෝලීය ආරක්ෂක අභියෝග පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමට සූදානම්.
මෙම සංචාරය, ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොඩ්‍රිගෝ ගේ ඉන්දීය සංචාරයෙන් සහ ඉන්දීය නාවික හමුදාපති අද්මිරාල් දිනේෂ් කේ. ත්‍රිපාති ගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසු 2025 වසරේ සිදුවන ඉහළ පෙළේ හමුදා හමුවීම් මාලාවක් සම්පූර්ණ කිරීමක් ලෙසයි සැලකෙන්නේ.