WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කොත්මලේ දොරටු දෙකක් ඇරේ

2025 November 26- Page Views : 1190

ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තව දුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් අද අලුයම ස්වයක්‍රීයව විවෘත වී ඇති බව එම ජලාශභාර ඉංජිනේරුවරුවෝ පවසති.

  ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් අධික වැසි පතිත වුවහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහලින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත් ලෙස සිටින ලෙසය ආපදා කලමණාකරණ ඒකකයේ ඉල්ලා සිටියි.

ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග සෙන් ක්ලෙයාර් සහ ඩෙවොන් දිය ඇළි වල ජල ධාරිතාව ඉහල ගොස් ඇත.