කොත්මලේ දොරටු දෙකක් ඇරේ
2025 November 26- Page Views : 27
ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තව දුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් අද අලුයම ස්වයක්‍රීයව විවෘත වී ඇති බව එම ජලාශභාර ඉංජිනේරුවරුවෝ පවසති.
ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් අධික වැසි පතිත වුවහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහලින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත් ලෙස සිටින ලෙසය ආපදා කලමණාකරණ ඒකකයේ ඉල්ලා සිටියි.
ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග සෙන් ක්ලෙයාර් සහ ඩෙවොන් දිය ඇළි වල ජල ධාරිතාව ඉහල ගොස් ඇත.