පැය 72ක් තුළ ආපදා මරණ 46ක් - සමස්ත මරණ 56ක් දක්වා ඉහළට
2025 November 28- Page Views : 1187
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය පැය 72 තුළ මරණ 46ක් වාර්තාවී තිබේ.
ඒ අනුව නොවැම්බර් 16 වනදා සිට මේ දක්වා සිදුවී ඇති ආපදා මරණ 56ක් දක්වා ඉහළගොස් ඇත.
පුද්ගලයින් 21 දෙනෙකු අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
රට තුළ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පවුල් 12,313කට අයත් පුද්ගලයින් 43,991 පීඩාවට පත්වී සිටී.
නිවාස 04කට පූර්ණ හානි සිදුවී ඇති අතර අර්ධ හානි වු නිවාස සංඛ්‍යාව 666ක් බවද ආපදා කළමනාකාරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.