WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කොළඹටත් ආපදා - මාර්ග රැසක් අවහිරයි

2025 November 28- Page Views : 31

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට කොළඹ ප්‍රදේශ කිහිපයකට ද බලපෑම් එල්ල වී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ මේ වනවිට මාර්ග කිහිපයක ගස් කඩාවැටීම් සහ ජලයෙන් යටවීම් වාර්තා වන බවය.

ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට ද පොලීසිය දැනුම් දෙයි.

මේ වනවිට අවහිර වී තිබෙන මාර්ග පහතින්,



* ප්‍රේමසිරි කේමදාස මාවතේ ලයනල් රඟහල ආසන්නයේ සහ කැප්පෙටිපොළ මාවතේ

*ජාතික රෝහල 4 වන දොරටුව ආසන්නයේ

*ඇල්විටිගල මාවත

*රැජින පාර හන්දිය

*කොටහේන ආමර් බාබර් හන්දිය පන්සල අසල