WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්දීය රජය සහ එරට ජනතාව විසින් සිදු කරන ලද ආධාර රැගත් තවත් ගුවන් යානයක් පැමිණයේය..

2025 November 29- Page Views : 1187

ආපදා තත්ත්වයෙන් විපතට පත් වූවන් සඳහා ඉන්දීය රජය සහ එරට ජනතාව විසින් සිදු කරන ලද ආධාර රැගත් තවත් ගුවන් යානයක් පැමිණයේය. කූඩාරම්, පොරෝන, සනීපාරක්ෂක කට්ටල සහ ආහාර ද්‍රව්‍ය ඇතුළු ටොන් 12කට ආසන්න මානුෂීය ආධාර තොගයක් මෙම පරිත්‍යාගයට ඇතුළත් අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඒවා නිල වශයෙන් බාර ගත්තේය. මීට අමතරව පොරෝන, පැදුරු, මදුරු දැල්, සූර්ය බල ලාම්පු, කූඩාරම්, කාන්තාවන් සඳහා වන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කට්ටල (female dignity kits) ඇතුළු ටොන් 9ක සහනාධාර තොගයක් සහ ඉන්දීය ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ (NDRF) නිලධාරීන් පිරිසක් රැගත් තවත් ඉන්දීය ගුවන් යානයක්ද අද අලුයම මෙරටට පැමිණියේය.