WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගංවතුර ගෙවල් සුද්ද කරගන්න ආණ්ඩුවෙන් මුදල්

2025 December 01- Page Views : 28

ගංවතුරට හසුවූ නිවාස වල පස්, සුන්බුන් ඉවත් කර ශුද්ධ පවිත්‍ර කර ගැනීම සඳහා රජයෙන් රුපියල් 10,000ක අත්තිකාරම් මුදලක් ලබා දෙන බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා පැවැසීය.

අදාළ අත්තිකාරම් මුදල් ලබාදීමේදී නිවසේ අයිතිය නොසලකා ආපදාවට ලක්වූ  සෑම පුද්ගලයකුටම මුදල් ලබා දෙන බවද ජයතිස්ස මුණසිංහ මහතා කීය.

ඊට අදාළ චක්‍ර‍ලේඛය ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා විසින්  නිකුත් කළ බව මුණසිංහ මහතා සඳහන් කළේය.

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා මේ බව සඳහන් කළේ ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේ අද (1) පැවති මාධ්‍ය හමුවකදීය.

තීව්‍ර ලෙස ආපදාවට මුහුණ දුන් ප්‍රදේශවල සන්නිවේදන කටයුතු යථා තත්ත්වයට පත් කරමින් තිබෙන බවද මුණසිංහ  මහතා කීය.

ජල ගැලීම් සහ ගංවතුර බැස යමින් පවතින කාලයේ වසංගත රෝග, වාහක රෝග පැතිරීමේ දැඩි අවදානම සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස ද ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම්වරයා මෙහිදී ඉල්ලීමක් කළේය.

ආපදාවෙන් විපතට පත්වූ ජනතාවට සහන සැලසීම සඳහා එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට රුපියල් මිලියන 50ක් බැගින් මුදල් ලබාදි තිබෙන බවද ඔහු පැවසීය.