කොත්මලේ ප්‍රදේශයේදී තුවාල ලැබූ පිරිසක් ගුවනින් කටුනායකට
2025 December 01- Page Views : 1187
ඉන්දීය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් මගින් නුවරඑළිය හා කොත්මලේ ප්‍රදේශවල ආපදා තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් හා දරුවන් පිරිසක් බේරා ගෙන ආරක්ෂිතව කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත රැගෙන විත් තිබේ.
මේ අතර එම හෙලිකොප්ටර් යානය මගින් නුවරඑළිය හා කොත්මලේ ප්‍රදේශයේ සිරවී සිටි පුද්ගලයින් හට වියළි ආහාර 1844 Kgක් පමණ බෙදා දී ඇත.
ගුවන් හමුදාව සඳහන් කළේ, ඉන්දීය රජය මගින් මෙරට මුදා ගැනීම් මෙහෙයුම් සඳහා ලබා දී ඇති MI 17 හෙලිකොප්ටර් යානයකින් අද (01) මෙහෙයුම සිදුකළ බවය.