කැලණි ගඟේ ජල මට්ටම ක්‍රමයෙන් පහළට
2025 December 02- Page Views : 37
කැලණි ගඟේ ජල මට්ටම මේ වන විට පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ඒ අනුව කැලණි ගං ද්‍රෝණියේ පහත්බිම් ප්‍රදේශවලට බලපා තිබු ගංවතුර තත්ත්වයන් ද පහව යමින් පවතින බවය.
ඊට අමතරව කළුගඟ, මල්වතු ඔය ඇතුළු ජලාශවල ද ජලමට්ටම් පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේ වෙතත් කැලණි ගඟේ නාගලගම්වීදිය ජලමාපකයේ ජල මට්ටම අද අලුයම 02.00ක වනවිට අඩි 08ක් තිබු අතර අලුයම 03.00 වන විට අඩි 7.90 ක් දක්වා අඩු වී තිබේ.
නමුත් තවදුරත් මහ ගංවතුර තත්ත්වයක් පවති බව දැනුම්දී ඇත.
එමෙන්ම හංවැල්ල ජලමාපකයේ ජල මට්ටම අද අලුයම 02.00ක වනවිට අඩි 08ක් තිබු අතර අලුයම 03.00 වන විට අඩි 7.93 ක් දක්වා අඩු වී තිබෙන අතර තවදුරටත් අවධානම් මට්ටමේ පවතින බව සඳහන් වේ.
කළුගඟේ ඇල්ගම ජලමාපකයේ ජල මට්ටම අද අලුයම 02.00ක වනවිට අඩි 10.40 ක් තිබු අතර අලුයම 03.00 වන විට අඩි 10.30 ක් දක්වා අඩු වී තිබෙන අතර තවදුරටත් අවධානම් මට්ටමේ පවතින බව සඳහන් වේ.
එමෙන්ම මල්වතු ඔයේ තන්තිරමලේ ජලමාපකයේ ජල මට්ටම අද අලුයම 02.00ක වනවිට අඩි 8.98ක් තිබු අතර අලුයම 03.00 වන විට අඩි 8.95 ක් දක්වා අඩු වී තිබෙන අතර තවදුරටත් මහ ගංවතුර තත්ත්වයක් පවතින බව දැනුම්දී ඇත.