වැඩි මිලට බඩු වික්කොත් දැඩි දඬුවම්
2025 December 02- Page Views : 26
ආපදා අවස්ථාවේ වැඩි මිලට බඩු විකුණා අයුතු ලාභ ගන්නා වෙළෙඳුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා මෙසේද පවසයි.
දැනට පවතින අපදා තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින්, ඇතැම් වෙළඳුන් මහජනතාව මුහුණ දෙන අපහසුතා අයුක්තික ලෙස ප්‍රයෝජනයට ගැනීම සඳහා පාරිභෝගික භාණ්ඩ ඉතා ඉහළ මිලකට විකිණීමට උත්සාහ කරන බව නිරීක්ෂණය වී ඇත. මෙවැනි ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය සේවා හා පාරිභෝගික ආරක්ෂණය සම්බන්ධ නීති හා නියමයන් යටතේ නීතිවිරෝධී වේ.
ශ්‍රී ලාංකිය ප්‍රජාව ලෙස එකමුතුවෙන් ආදර්ශවත් ලෙස ක්‍රියා කළ යුතු මෙම අවස්ථාවේදී, පාරිභෝගික භාණ්ඩ අයුතු ලෙස ඉහළ මිලකට විකිණීමෙන් අයහපත් ලාභයක් ලබා ගැනීමට උත්සාහ කිරීම සදාචාර විරෝධී මෙන්ම නීති විරෝධී ක්‍රියාවකි.
එම නිසා, වත්මන් අපදා තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් මිල ඉහළ දැමීම, අනවශ්‍ය ලෙස පාරිභෝගික භාණ්ඩ ගබඩා කර සගවා තබාගැනීම මගින් අයුතු හෝ කුඨ වෙළඳ උපක්‍රම අනුගමනය කරන ඕනෑම ව්‍යාපාරයකට හෝ පුද්ගලයකුට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව දැනුම් දෙමි.
සියලුම වෙළඳුන් උපරිම සිල්ලර මිල සටහන් භාණ්ඩ එම මිලට ද, අනෙකුත් භාණ්ඩ සාධාරණ මිලකට අලෙවි කරමින්, සෑම පුරවැසියෙකුටම පාරිභෝගික භාණ්ඩ අඛණ්ඩව ලබාදීම තහවුරු කල යුතු වේ.