කුකුල්ලු ලක්ෂ 15 ක් ගංවතුරට බිලි
2025 December 02- Page Views : 1187
ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් කුකුළු ගොවිපළවල සතුන් ලක්ෂ 15ක් පමණ ගංවතුරට හසුවී මියගොස් ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පැවසීය.
දැදුරු ඔයෙන් පහළ කොබෙයිගනේ ප්‍රදේශවල පමණක් කුකුළු ගොවිපොළවල සතුන් දළ වශයෙන් ලක්ෂ 10ක් පමණ ගංවතුරට හසුව මියගොස් ඇති බවද ඔහු සඳහන් කළේය.
කුකුළු ගොවිපොළ වලට දැඩි හානි සිදුවීමෙන් බිත්තර නිෂ්පාදනය සියයට හතළිහකින් පමණ පහත වැටී ඇතැයි පැවසූ සභාපතිවරයාඒ හේතුවෙන් ඉදිරි දිනවලදී බිත්තර මිල ඉහළ යා හැකි බවද ප්‍රකාශ කළේය.