WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සජිත් පිටරටින් ආධාර ඉල්ලයි

2025 December 02- Page Views : 4

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙරට ජපාන, කොරියානු සහ යුරෝපා සංගම් තානිපතිවරුන් හමුවී ආපදා තත්ත්වයෙන් මිදීමට සහාය දෙන ලෙස ඉල්ලා සිටියේය. 

විපක්ෂනායකවරයා සහ ජපාන තානාපති අකිඕ ඉසමොතා මහතා අතර සාකච්ඡාවක් අද පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වුණි.

විනාශ වූ මාර්ග පද්ධතිය නවීකරණය කිරීමට සහ  දුම්රිය ⁣මාර්ග පද්ධතිය අලුත්වැඩියා කිරීමට ජපාන රජයේ සුවිශේෂී දැනුමේ සහ තාක්ෂණයේ දායකත්වයත් ශ්‍රමයත් ලබාදෙන ලෙස මෙහිදී විපක්ෂ නායකවරයා ජපාන රජයෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම කොරියානු ජනරජයේ මෙරට තානාපතිනිය ද අද මුණුගැසුණු අවස්ථාවේදී විපක්ෂ නායකවරයා ආපදා තත්ත්වයෙන් මිදී රටක් ලෙස නැගී සිටීමට ආධාර උපකාර ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේය  

මේ අතර ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ තානාපතිනි කාමන් මොරෙනෝ මහත්මිය හමුවූ විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේ ආපදා තත්ත්වයෙන් හානිවූ සෞඛ්‍ය සේවා සහ පසුව උද්ගත විය හැකි වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා උපරිම දායකත්වය ලබාදෙන ලෙසයි