මවක් මල්වතුඔයට පැනලා:දරු දෙදෙනා අතුරුදන්
2025 December 02- Page Views : 1187
හතළිස් හැවිරිදි කාන්තාවක් අනුරාධපුර, මල් අතු ඔය මිහිඳු පුර පාලම උඩින් සිය දරුවන් දෙදෙනා සමග අද (02)දින උදැසන හය හමාරට පමණ මල්වතු ඔයට පැන ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.
මොස් පැන ඇත්තේ මොරටුව පදිංචි 40 හැවිරිදි විවාහක කාන්තාවකි. මෙම කාන්තාව අවුරුදු 08 වන පුතා සහ වයස අවුරුදු 04 වන දියණිය සමඟ සියදිවි හානිකර ගැනිමට මල්අතු ඔයට පැන ඇති බව පොලිසිය පැවසිය. අවුරුදු 08 වන පුතා සහ වයස අවුරුදු 04 වන දියණිය මේඅතුරුදන්ව ඇත.
ඔවුන් සොයා පොලිස් කිමිදුම් අංශය ඇතුළු ආරක්ෂඛ නිරධාරින් මෙහෙයුම් දියත් කොට තිබේ. මෙතෙක් ඔවුන් සොයා ගෙන නොමැත.
මිහිඳුපුර ග්‍රාමයේ ආසන්නයේ ඇති මල්අතු ඔය කුඹුක් ගසක් අසල රැඳී සිටි මෙම කාන්තාව ගම්වාසීන් විසින් කඹ දමා ගොඩට ගෙන අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.
මෙම කාන්තාව මල්අතු ඔයට පැන ඇති ස්ථානය පරීක්ෂා කිරීමේදී පොලිස් ජීවිත ආරක්ෂක කණ්ඩායම කාන්තාවගේ ජංගම දුරකථනය හමුවී තිබේ. රෝහල් ගතවී සිටින කාන්තාව ගෙන් ලබාගත් පියාගේ දුරකථනයට මෙම සිද්ධිය පොලිස් නිලධාරින් විසින් දන්වා තිබේ.