WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අරාබි ආදරය රැගෙන දෙවන යානයත් එයි

2025 December 02- Page Views : 1187

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ආධාර රැගත් දෙවැනි  ගුවන්‍ යානය  බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ලඟ විය. 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් හමුදාවට අයත් C17 මාදිලියේ භාණ්ඩ ප්‍රවාහන ගුවන්‍ යානයක් මෙලෙස ආධාර රැගෙන පැමිණයේය.

  ගලවා ගැනීමේ කන්ඩායම් සහ ගලවා ගැනීම් රථ රැගත් තවත් ගුවන්‍ යානා දෙකක් ඉදිරියේදී මෙරටට ලගාවීමට නියමිත බව සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය කියයි.

ආධාර රැගෙන පැමිණි අරාබි දූත පිරිස  පිලිගැනීමට වරාය සහ සිවිල් ගුවන්‍සේවා අමාත්‍ය අනුර කරුණාතිලක , කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු  සහ වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහත්වරු ගුවන් තොටුපළට ගියහ.