WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බස්-වෑන් ගැටීමෙන් 4ක් රෝහලට

2026 January 08- Page Views : 1187

කරුවලගස්වැව තබ්බෝව තාවකාලික යකඩ පාලම මතදී බස් රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටිමේන් සිදුවු මාරක අනතුරකින් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව කරුවලගස්වැව පොලිසිය කියයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ඊයේ රාත්‍රී කොළඹ සිට නොච්චියාගම බලා ගමන් කරමින් තිබු වෑන් රථයක් හා යාපනය සිට කොළඹ බලා ගමන් ගනිමින් තිබු සුඛෝපභෝගි බස් රථයක මුහුණට මුහුණ ගැටිමෙන් බව පොලිසිය කියයි.

මෙම අනතුර සිදුව ඇත්තේ පසුගිය මහ වැසිත් සමග ගිලා බැස තිබු මේ වන විට තාවකාලිකව ඉදිකල යකඩ පාලම මතදි බවත් මෙය පාලම තබ්බෝව ජලාශය මැදින් වු පුත්තලම අනුරාධපුර මාර්ගයෙ තබ්බෝව ජලාශය මැදින් වු මාර්ගය බවද කියයි.

අනතුරීන් තුවාල ලැබුවන් කඩිනමින් පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර තිබු බව පොලීසිය කියයි.