දිස්ත්‍රික්ක දෙකකට නායයෑම් රතු නිවේදන
2026 January 09- Page Views : 1189
පවතින තත්ත්වය තුළ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නීල්දණ්ඩාහින්න සහ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයෑම් රතු නිවේදන නිකුත් කර තිබේ.
එමෙන්ම නායයෑමේ නිවේදන අදියර 2 යටතේ මාතලේ විල්ගමුව හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට හා හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද අනතුරු ඇඟවිමේ නිවේදන නිකුත් කෙරිණි.
වර්ෂාවත් සමග නායයාමේ ලක්ෂණ මතුවිය හැකි බවත් එවැනි ලක්ෂණ දුටු වහාම එම ස්ථානයන්ගෙන් ඉවත් වීමට කටයුතු කළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා,
''යම්කිසි ඉවත්වීමකදී ජනතාව අපි දැනුවත් කරනවා මේ ආපදා මල්ල කියලා. තමන්ට ගෙන යා හැකි අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ ප්‍රමාණයක් තමන්ගේ අයිඩින්ටි කාඩ් එක හෝ වේවා, උප්පැන්න සහතික වේවා, දරුවන්ගේ අධ්‍යාපන සහතික ටිකේ හෝ වේවා, ගෙන යා හැකි ඒ ප්‍රමාණය සකසා තබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා.''