ප්‍රවීණ මාධ්‍යවේදි ඉක්බාල් අතාස් අභාවප්‍රාප්ත වෙයි
2026 January 13- Page Views : 24
මෙරට ප්‍රවීණ මාධ්‍යවේදියකු සහ ආරක්ෂක විශ්ලේෂකයකු වන ඉක්බාල් අතාස් අද අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඔහු 81 හැවිරිදි වියේ පසුවිය.
ඔහුගේ අවමංගල්‍යය අද පස්වරුවේ දෙහිවල මහ පල්ලිය සුසාන භූමියේදී සිදුකෙරෙන බව පවුලේ ආරංචි මාර්ග පැවසීය.
දේහය පෙ.ව. 9.00 සිට දෙහිවල හිල් වීදියේ සිරිවර්ධන පාරේ අංක 11 C/1 දරන ස්ථානයේ තැන්පත් කර තැබේ.
දශක කිහිපයක් පුරා විහිදුණු මාධ්‍ය වෘත්තියක් සමඟින්, ආරක්ෂක කටයුතු පිළිබඳ ඔහුගේ ප්‍රබල වාර්තාකරණය සඳහා ඉක්බාල් අතාස් අන්තර්ජාතිකව පවා පිළිගැනීමට ලක්විය.