විදුලිසැර වැදී අඹුසැමි යුවළකට දිවි අහිමි වෙයි
2026 January 14- Page Views : 1875
වරකාපොළ, හුනුවල ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
කුඹුරු ඉඩමක් සතුන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා අදින ලද විදුලි රැහැනක ගැටී මෙම අනතුර සිදුව ඇති බවට මුලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ 60 හැවිරිදි පුද්ගලයෙකු සහ 58 හැවිරිදි හුනුවල තුල්හිරිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බව සඳහන්ය.
අනවසර විදුලි රැහැන අදින ලද 34 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.