රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමක්
2026 January 14- Page Views : 27
ශ්‍රී ලංකා රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක්ව ඒකාබද්ධ යාන්ත්‍රණයක් හරහා විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමක් මුදල් අමාත්‍යාංශයේදී අත්සන් කර තිබෙනවා.
ඊයේ මෙම ගිවිසුම මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ඉදිරියේදී අත්සන් කළ බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.
ශ්‍රී ලංකා රේගුව සම්බන්ධ මෙහෙයුම් කමිටුව විසින්, ආනයනකරුවන් භාණ්ඩ ප්‍රකාශ කිරීමේදී සිදුකරන අඩු තක්සේරු කිරීම් හේතුවෙන් රජයට බදු අහිමිවීම් සිදුවන බව හඳුනාගෙන තිබෙනවා.
ඇතැම් ව්‍යාපාරිකයින් තෙවැනි පාර්ශවයන් හරහා තාවකාලික පදනමින් භාණ්ඩ ආනයනය කර බදු පැහැර හැරීමත්, එමගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු බදු මුදල්ද නොගෙවීමත් සිදුකරන බව අනාවරණය වී තිබුණා.
මෙම ගැටලු අවම කිරීම සඳහායි මෙම අවබෝධතා ගිවිසුමට එළඹ ඇත්තේ.