WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නවගමුවේ වෙඩිතැබීමට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට

2026 January 19- Page Views : 1876

නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේ දී ඉකුත් 1වනදා රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් ඊට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

විමර්ශන නිලධාරින්ට ලද තොරතුරකට අනුව කැලණිය, කොහොල්විල ප්‍රදේශයේදී ඊයේ (18) මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකරු අපරාධකරුවන් පැමිණි වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 19ක් වන කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේ දී නිවසක් තුළ සිටි පුද්ගලයින් තිදෙනෙකු ඉලක්කකර මෙම වෙඩිතැබීම සිදුව තිබූ අතර, එහිදී එක් අයෙකු මියගොස් අනෙක් දෙදෙනාට බරපතළ තුවාල සිදුවිය.