WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බිම වැටුණු සිඟිත්තිය මරුට

2026 January 19- Page Views : 1878

හඬා වැටෙන්නට වූ මාස 2 -1/2 සිඟිත්තිය අතට ගෙන ඇවිදිමින් නලවමින් සිටියදීපියාට එකවරම නින්ද යාම හේතුවෙන් දරුවා බිමට වැටී හිස සිමෙන්ති පොළොවේ ගැටීමෙන් මිය යාම සම්බන්ධයෙන් දරුවාගේ පියා අත්අඩංගුවට ගත් බව අළුබෝමුල්ල පොලිසිය සඳහන් කරයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අළුබෝමුල්ල පදිංචිව සිටි රුසේලි කෙයාශා නම් සිඟිත්තියක බව පොලීසිය කියයි.

මරණ පරීක්ෂකවරිය විසින්ම එම මරණය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදුකර බිළිඳීයගේ මව හා පියා එතුමිය හමුවට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කර තිබිණි.

මව හා පියා මරණ පරීක්ෂකවරියට ඉදිරිපත් කළ අවස්ථාවේදී දැරියගේ මව හා පියා මරණය සම්බන්ධයෙන් කිසිදු සැකයක් නොමැති බවත් දරුවාට කිසිදු අනතුරක් සිදු නොවූ බවත් එම අවස්ථාවේදී ප්‍රකාශ කර ඇතැයි පොලිසිය කියයි.

පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය නිලධාරී පි. ඒ. කිරි ඇල්ල මහතා විසින් සිදුකිරීමෙන් අනතුරුව මරණයට හේතුව ලෙස හිසෙහි දකුණු පස තැලීමක් ඇතිවීම හේතුවෙන් මොළයට රුධිරය වාහනය වී ලේ කැටියක් හිරවීම නිසා සිදුවූ මරණයක් බවට වාර්තාව ලබා දී තිබේ . අනතුරුව සත්‍ය තොරතුර වසන් කිළැයි දැරියගේ පියා අත්අඩංගුවට ගෙන තිබේ.