WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

විල්පත්තුවේ ජයටම කෙරෙන දඩමස් ජාවාරම

2026 January 20- Page Views : 1876

විල්පත්තුව ජාතික වන උද්‍යානයේ කුඩාරම් ගසා, වන සතුන් මරා මහා පරිමාණ ජාවාරමක් සිදුකරන බවට ලද තොරතුරක් මත විමර්ශන සිදුකර තිබේ.

විල්පත්තුව ජාතික වන උද්‍යානයේ තෙල්බීපුවැව ප්‍රදේශය ආශ්‍රීතව කුඩාරම් ගසා වන සතුන් දඩයම් කර ගිනිමැල සකසමින් සතුන් වියළිමේ ජාවාරමක් පවත්වාගෙන ගිය දඩයක්කරුවන් පිරිසක් සමඟ ගිනිඅවි හා විශාල මස් තොගයක් අත්අඩංගුවට ගැනීමට වනජීවී නිලධාරීන් ඊයේ (19) සමත්ව තිබුණි.

වනජීවි නිලධාරීන්ට ලද තොරතුරක් මත අදාළ වැටලීම සිදුකර තිබු අතර, එහිදී බෝර 12 වර්ගයේ ගිනිඅවියක් සමඟ ජීව පතොරම් 8ක්, හිස් කොපු පතොරම් කොපු 14ක් සමඟ තිත් මුව මස් කිලෝ 66ක් ,වල් ඌරු මස් කිලෝ 18ක් ඇතුළු මෙම දැවැන්ත ජාවාරමට යොදා ගත් උපකරණ හා තවත් ද්‍රව්‍ය රැසක් වනජීවි නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වැටලීමේදී සැකකාර දඩයක්කරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබු අතර තවත් තිදෙනෙකු පලාගිය බවත් එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු සිදුකරන බවත් වනජීවි නිලධාරීන් පවසයි.

මෙම ජාවාරම්කරවන් කලක් තිස්සේ නීතිවිරෝධී ලෙස විල්පත්තුව වන උද්‍යානයට ඇතුළුවී එහි කුඩාරම් ගසාගෙන මෙම ජාවාරම සිදුකර ඇති බවද සඳහන් වෙයි.

වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් විල්පත්තුව ජාතික වන උද්‍යානය ආසන්නයේ ගම්මානවල පදිංචිකරුවන් බවද සඳහන්ය.