පාසල් අද යළි ඇරඹේ
2026 January 21- Page Views : 1873
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2026 අධ්‍යයන වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (21) ආරම්භ වනවා.
පළමු පාසල් වාරයේ පළමු අදියර පසුගිය 5 වැනිදා සිට 9 වැනිදා දක්වා ක්‍රියාත්මක වූ අතර, ‘දිට්වා‘ සුළි කුණාටුවත් සමග උසස් පෙළ විභාගයේ කල්දැමුණු විෂයන්වලට අදාළ විභාග පැවැත්වීම හේතුවෙන් පසුගිය 10 වැනිදා සිට ඊයේ දක්වා පාසල් නිවාඩු ලබාදී තිබුණා.
ඒ අනුව අද ආරම්භ වන පළමු පාසල් වාරයේ දෙවන අදියර පෙබරවාරි මස 13 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.
2025 සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් පෙබරවාරි මස 14 වැනිදා සිට මාර්තු මස 02 වැනිදා දක්වා පාසල් යළි නිවාඩු ලබාදෙනු ඇති.