WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අතුරුදන් ගණකාධිකාරිවරයෙකු සොයා කළු ගගේ මෙහෙයුම්

2026 January 21- Page Views : 1874

ගණකාධිකාවරයෙකු කළුතර පාලමෙන් කළු ගගට පැන ඇති බවට ඇති සැකයක් මත කිමිදුම් කරුවන් සහ නාවික හමුදා ජීවිත ආරක්ෂක නිළධාරීන් කළුගගේ මෙහෙයුමක් සිදුකරමින් සිටී.

කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසින් කල දැනුම් දීමක් මත මෙසේ මෙහෙයුම් සිදුකරන බව කළුතර දකුණ පොලිසිය පවසයි .

කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ගණකාධිකාරි වරයෙකු අතුරුදන්ව බවට තොරතුරු ලැබී ඇති බවත් , ඔහුගේ ජංගම දුරකථනය පාළම මත තිබී හමුව ඇති බවත් පොලිසිය සදහන් කරයි.

අතුරුදන් ගණකාධිකාරි වරයා පාලම දෙසට ගමන් කරන අයුරු අසල වෙළෙඳ සැලක් CCTV කැමරාවක සටහන්ව ඇති බවත් පොලිසිය කීය.