දකුණු මුහුදේ ඇල්ලූ මත්ද්‍රව්‍ය යාත්‍රා ගැන අලුත්ම අනාවරණය
2026 January 24- Page Views : 1188
දකුණු මුහුදේදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ බහුදින ධීවර යාත්‍රා දෙකක් සහ සැකකරුවන් 11 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.
නාවික හමුදාව සඳහන් කළේ, ශ්‍රී ලංකා පොලිසියෙන් ලද තොරතුරකට අනුව දිගුදුර නෞකා යොදාගනිමින් මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සිදු කළ බවය.
එහිදී එක් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) ද, අනෙක් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.
මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන උර තොගය, බහුදින ධීවර යාත්‍රා දෙක සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන හා නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් සිටින බව නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.