WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හමුදා සෙබළාට වෙඩි වැදිලා

2026 January 30- Page Views : 1188

හම්බන්තොට 12 වන පාබල සේනා මුලස්ථානයේදි යුද හමුදා සෙබළකුට වෙඩි වැදිමෙන් බරපතල තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට අද සවස ඇතුළත් කල බව දකුණු පළාත්බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. මෙසේ තුවාල ලබා ඇත්තේ රඹුක්කන වල්කෝටුවත්ත පදිංචි සෙබලෙකි. අද සවස මොහු මෙම හමුදා මුලස්ථානයේ සේනාංකාධිපතිවරයාගේ නිල නිවසේ රාජකාරියේ යෙදි සිටියදි ඔහුට නිකුත්කර තිබු ටී 56 ගිණි අවියෙන් වෙඩි වැදි බරපතල තුවාල ලබා සිටියදි රෝහල් ගතකර ඇත. ඔහුගේ බෙල්ලට වෙඩි වැදි ඇති අතර මෙය අත් වැරදිමක්ද නැතහොත් වෙඩි තබා ගැනිමක්ද යන්න මෙතෙක් අනාවරණයවි නොමැති බව පොලිසිය පවසයි.