WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගිනිඅවියක් සහ උණ්ඩ 10ක් අතුරුදන්වීමට පොලීසියේ දෙදෙනෙක් අත්අඩංගුවට

2026 February 02- Page Views : 1187

මතුගම පොලීසියේ පිස්තෝලයක් සහ පතොරම් 10ක් සමඟ මැගසිනයක් අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ජනවාරි 26 වනදින සිට අදාළ අවිය සහ උණ්ඩ අස්ථාන ගත වී ඇති බවට ලේඛන පරීක්ෂාවේදී අනාවරණය වී තිබුණි.

මෙලෙස අස්ථාන ගතවී තිබුණේ මතුගම පොලීසියේ උප සේවා භාරයේ තිබු පිස්තෝල ගිනි අවියක් සහ උණ්ඩ 10ක් සහිත පතරොම් ගැබකි.

මතුගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරණ බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේය.