ඉරාන සහ අමෙරිකානු න්‍යෂ්ටික සාකච්ඡා හෙට ඕමානයේදී
2026 February 05- Page Views : 1878
ඉරානය සහ අමෙරිකාව අතර තීරණාත්මක න්‍යෂ්ටික සාකච්ඡාවක් හෙට (06) ඕමානයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
කටාර් රාජ්‍යය, තුර්කිය සහ ඊජිප්තුව යන රටවල මැදිහත් වීමෙන් සකස් කරන ලද විශේෂ රාමුවක් යටතේ මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
දෙරට අතර වසර ගණනාවක සිට පවතින රාජ්‍යතාන්ත්‍රික අර්බුදයට විසඳුම් සෙවීම මෙහි අරමුණ වන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ප්‍රකාශ කර ඇති බවට එහි සඳහන්.
යුරේනියම් සාරවත් කිරීම සීමා කිරීම, බැලිස්ටික් මිසයිල පාලනය සහ කලාපයේ පවතින ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායම් වෙත ආයුධ සැපයීම සීමා කිරීම් පිළිබඳව මෙහිදී අවධානය යොමු කරනු ඇත.
සාධාරණ සහ යුක්ති සහගත ලෙස මෙම සාකච්ඡා ඉදිරියට ගෙන යන ලෙස තමා විදේශ අමාත්‍යවරයාට උපදෙස් දුන් බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.