WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පොලිස් විශේෂ මෙහෙයුම් මගින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

2026 February 06- Page Views : 1879

අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොට්ඨාස මට්ටමින් සියලු ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය කරගනිමින් ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම්වලට අදාළව ඊයේ (05) දිනයේදීද පොලීසිය විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

එහිදී පුද්ගලයින් 25,170ක් පොලිස් පරීක්ෂාවට ලක් කළ බව පොලීසිය සඳහන් කළේය.

එම මෙහෙයුම මගින් සැකපිට පුද්ගලයින් 602ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.

එමෙන්ම අපරාධ සම්බන්ධව සෘජුව හඳුනාගත් පුද්ගලයින් 12ක්ද වරෙන්තුකරුවන් 263 දෙනෙක්ද විවෘත වරෙන්තුකරුවන් 138 දෙනෙක්ද පොලීසිය විසින් මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම විශේෂ මෙහෙයුම් මගින් බීමත් රියදුරන් 338 දෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම් යටතේ තවත් පුද්ගලයින් 83 දෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තවද මෙම මෙහෙයුම මගින් වෙනත් වැරදි සඳහා පුද්ගලයින් 4,301 දෙනෙකු සඳහා නීතිමය පියවර ගැනීමටද පොලීසිය කටයුතු කර ඇත.