WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කාසල්රි - මවුස්සාකැලේ ජල මට්ටම පහළට

2026 February 19- Page Views : 1876

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමඟ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සිඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවෝ කීහ.

අද (19) උදැසන 6 වන විට මවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමේ සිට අඩි 27 අගල් 6 කින් සහ කාසල්රි ජලාශය පිටාර මට්ටමේ සිට අඩි 26 අගල් 11 කින් පහල බැස ඇත.

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවලින් ලබාගන්නා ජලයෙන් විමලසුරෙන්ද්‍ර, කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය සිදු කරනු ලබයි.

එම ජලාශවල ජල මට්ටම අඩුවිමත් සමග කැළණි ගගේ ජල මට්ටමද පහල බැසි ඇති බවද වාරි මාර්ග දෙපාර්තුමේන්තුවේ නිලධාරින්ද පැවසිය.