බිරියගේ ගෙල කපා මරා පොලීසියට බාර වෙලා
2026 February 20- Page Views : 1187
පවුල් ආරවුලක් හේතුවෙන් සැමියා සිය බිරිඳගේ ගෙල කපා ඝාතනය කොට ගෙල ඇයගේ අනියම් සැමියාගේ මිදුලට දමා අද අලුයම නෙළුව පොලිසියට පැමිණ බාරවි ඇතැයි ගාලු දිසාබාර නියෝජ්‍ය පෙලිස්පති කාර්යාලය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ නෙළුළු සියඹලාගහහේන හප්පිටිය පදිංචි මහපටගේ ඉරේෂා මදුමාලි නමැති 32 හැවිරිදි තිදරු මවකි.
ඝාතනයවු කාන්තාව නිවස අසල පුද්ගලයෙකු සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් ඇතිවු ආරවුලක් හේතුකොට ගෙන ඇයගේ සමියා විසින් තේ ගස් කපන පිහියකින් ඇයගේ ගෙල කපා එම නිවසේ සිට මිටර් 200ක් දුරින් පිහිටි අනියම් සැමියාගේ මිදුලට ගෙල ගෙනැවිත් දමා පොලිසියට පැමිණ බාරවි ඇත.
ඝාතනය සිදු කරන ලද සැකකරු කලක් යුද හමුදාවේ සිට සේවයෙන් ඉවත්වු අයෙකු බවද පොලිසිය පවසයි.