WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කටානේ සුසාන භූමියක් අසල තිබී ගිනිඅවියක් සහ උණ්ඩ සොයා ගනී

2026 March 01- Page Views : 1187

කටාන පොලිස් වසමේ මහයායවත්ත සුසාන භූමිය අසල අතුරු මාර්ගයක මාන පඳුරක් යට සඟවා තිබියදී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් හා උණ්ඩ 04ක් සොයාගෙන ගෙන තිබේ.

මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ මෙහෙයුමක දී මෙම ගිනිඅවිය සොයා ගෙන ඇත.

කිසියම් අපරාධයක් සිදුකිරීම සඳහා මෙම අවිය සගවා තිබුණේ ද යන්න පිළිබඳව, කටාන පොලිස් ස්ථානය හා මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් විමර්ශන සිදු කරයි.