WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගල් අඟුරු පාඩුව කෝටි 848 යි

2026 March 05- Page Views : 6

මතභේදාත්මක ගල් අඟුරු නැව් නවයේ බාල ගල් අඟුරු හේතුවෙන් රුපියල් කෝටි 848 කට ආසන්න පාඩුවක් සිදුව ඇතැයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධන පිළිබඳ පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභාවට බාරදී ඇති වාර්තාවේ සඳහන්වේ. කිසිදු නැවකින් මෙගාවොට් 300ක් නිෂ්පාදනය කළ නොහැකි යැයි වාර්තාවේ දැක්වෙන බව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පැවසීය. එසේම ඒවායේ අලු ප්‍රතිශතය සියයට එකසිය දෙකකින් වැඩි බව පැවසූ මන්ත්‍රීවරයා එම බාල ගල් අඟුරු වෙනුවෙන් තවමත් දඩ මුදල් අය කරගෙන නැතැයිද චෝදනා කළේය. ඒ පිළිබඳව සිහිකැඳවමින් ඊමේල් පණිවිඩ පමණක් යවා ඇති හෙයින් වහාම දඩ මුදල් අය කරන්නැයි නිර්දේශ කළ බවද ඔහු ප්‍රකාශ කළේය. මතබේදාත්මක ගල්අඟුරු නැව් නවය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විශේෂ වාර්තාවක් යට ජල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවට බාරදී ඇත. අඩු ගුණාත්මක ගල් අඟුරු භාවිතයෙන් විදුලි බලය නිෂ්පාදනය කිරීමෙන් සිදුවූ සැබෑ මූල්‍ය අලාභය ගණනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස යටිතල පහසුකම් සහ උපායමාර්ගයක සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව මහජන උපයෝගීතා කොමිසමට මීට පෙර උපදෙස් දී තිබිණ. මේ අතර ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු භාවිත කිරීම හේතුවෙන් නොරොච්චෝල ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර වලට හානි සිදුවිය හැකි බව බලශක්ති විශේෂඥයෝ පසුගියදා අනතුරු ඇඟවූහ.