WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බොරතෙල් මිල ඩොලර් 110යේ සීමාවට ළඟාවෙයි

2026 March 19- Page Views : 1879

ලොව විශාලතම ස්වභාවික වායු නිධිය ආශ්‍රිතව පිහිටි ඉරාන බලශක්ති මධ්‍යස්ථානයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 110 දක්වා ඉහළ ගොස් තිබේ.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල පසුගිය අඟහරුවාදා පැවති මිලට වඩා 5% කට වඩා වැඩි වෙමින් ඩොලර් 109.91 ක් ලෙස වාර්තා වී ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, ඉන් සුළු වේලාවකට පසු මිල ගණන් සුළු වශයෙන් පහත වැටී ඇත.

එමෙන්ම, බ්‍රිතාන්‍යයේ ස්වභාවික වායු මිලද 6% කින් ඉහළ ගොස් තිබේ.

ඉරානයේ සවුත් පාර්ස් වායු නිධියට අයත් පෙට්‍රොකෙමිකල් සංකීර්ණයට ප්‍රහාරයක් එල්ල වූ බවට වාර්තා වීමත් සමඟ මෙම මිල ඉහළ යාම ආරම්භ විය. මින් පැය කිහිපයකට පසු, ඉරානයෙන් එල්ල වූ තර්ජන හමුවේ කටාර්හි රාස් ලෆාන් කාර්මික කලාපයටද දැඩි හානි සිදුව ඇති බව වාර්තා විය. කෙසෛ් වෙතත් බොරතෙල් සහ ගෑස් මිල මෙලෙස හදිසියේ ඉහළ ගියද, ඒවා මෙම ගැටුම්කාරී සමය තුළ වාර්තා වූ උපරිම මිල ගණන්වලට වඩා තවමත් අඩු මට්ටමක පවතී. මීට පෙර මාර්තු 9 වෙනිදා බොරතෙල් මිල ඩොලර් 116.78 ක් ලෙස වාර්තා කර තිබුණි.