අප්‍රේල් මාසයට අදාළව තෙල් ඇණවුම් සියල්ල ස්ථීර කර අවසන් -CPC
2026 March 19- Page Views : 1880
ඊයේ (18) දිනය තුළ අප්‍රේල් මාසයට අදාළව තෙල් ඇණවුම් සියල්ල ස්ථීර කළ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.
තෙල් සංස්ථාවේ අධ්‍යක්‍ෂ, මයුර නෙත්තිකුමාරගේ මහතා සඳහන් කළේ, ඒ අනුව තෙල් නැව් 5ක ඇණවුමක් ඊයේ දිනයේ දී ස්ථීර කළ බවය.
QR එකට ලොග් වීමෙන් අනතුරුව එය Refresh කර බැලීමෙන් කවුරුන් හෝ තමන්ගේ තෙල් කෝටාව ලබාගෙන ඇද්දැයි දැනගත හැකි බවද පැවසු අධ්‍යක්ෂවරයා, පරණ කෝටාවේ තෙල් ප්‍රමාණයන් ලැබී තිබුණු පිරිසගේ ගැටලු ද මේ වෙද්දි විසඳා ඇතැයි පැවසීය.
"මීට පෙර අපි අප්‍රේල් අග වෙන තුරු පමණයි තෙල් තියෙනවා කියලා ස්ථීර කළේ, ඒක අපි කිව්වේ මාර්තු මාසයේ අවසානය වෙනකල් අපි ස්ථීර කරන ලද නැව්වල ගණන් බලලා. දැන් 4 වෙනි මාසය දක්වා නැව් ස්ථීර කරලා තියෙන්නේ. ඒ අනුව ගත්තහම දැන් ඊළඟ මාසයේ අවසානය වෙනතුරු ස්ථීර වශයෙන්ම තෙල් සංචිත අපිට ලැබෙමින් පවතිනවා. තෙල් සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නෑ. QR එක හදාගැනීමේ තාක්ෂණික දෝෂයක් දැන් නෑ. එකම දුරකථන අංකයට සහ එකම හැඳුනුම්පත් අංකයට එක වාහනයක් පමණයි ලියාපදිංචි කළ හැක්කේ කියලා මතකයේ තබාගන්න. "