WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉරාන හැකර් කණ්ඩායමකට අයත් වෙබ් අඩවි 4ක් FBI භාරයට

2026 March 20- Page Views : 1884

ඇමරිකාවේ පිහිටි සමාගමකට එල්ල වූ සයිබර් ප්‍රහාරයක වගකීම භාරගත්, ඉරානය පදනම් කරගත් හැකර් කණ්ඩායමකට අයත් වෙබ් අඩවි 4ක් FBI ආයතනය විසින් සිය භාරයට ගෙන ඇත.

 එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව පවසන්නේ, මෙම ක්‍රියාව ඉරාන බුද්ධි හා ආරක්ෂක අමාත්‍යාංශය (MOIS) විසින් මෙහෙයවන හැකර් ක්‍රියාකාරකම් සහ දේශසීමා මර්දන සැලසුම් අඩපණ කිරීමේ අඛණ්ඩ ප්‍රයත්නයක කොටසක් බවය. 

අත්පත් කරගත් මෙම වෙබ් අඩවි භාවිතා කරමින් මාධ්‍යවේදීන්, පාලන විරුද්ධවාදීන් සහ ඊශ්‍රායල වැසියන් ඝාතනය කරන ලෙසට බලපෑම් කර ඇති බව අධිකරණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.