WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මිත්තණිය සමග දිය නාමින් සිටි දැරියක්ව කිඹුලෙක් ඩැහැගෙන යයි

2026 March 20- Page Views : 1885

මරදන්කඩවල, හිනුක්කිරියාව වැවේ දියනෑමට ගිය දැරියක් ඊයේ (19) දහවල් කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් මරණයට පත්ව ඇති බව මරදන්කඩවල පොලීසිය පවසයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 9ක් වූ ගනේවල්පොල ප්‍රදේශයේ පදිංචි දැරියක්ය.

ඇය සිය තම මිත්තණිය සමග ඉහත වැවේ දියනාමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත.

සිද්ධියත් සමග සමග ගම්වාසීන්, පොලිස් නිලධාරීන් හා වනජීවි නිලධාරීන් විසින් වැවට බැස දැරිය සෙවීමේදී කිඹුලා එම දැරිය අතහැර දමාගොස් තිබේ.

කෙසේ නමුත් එම දැරිය මරදන්කඩවල රෝහල වෙත ඇතුළත් කිරීමේදී මියගොස් සිට ඇත.