විදුලිසැර වැදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට
2026 March 22- Page Views : 4
පුනරීන්, සෙන්මන්කුන්ඩු ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇත.
තම වගා භූමිය සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අනවසරයෙන් යොදන ලද විදුලි කම්බියක ගැටී ඔහුට විදුලි සැර වැදී ඇති බව පොලීසිය පැවසීය.
විදුලි සැර වැදුණු එම පුද්ගලයා පුනරීන් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 37 හැවිරිදි සෙන්මන්කුන්ඩු ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.
අනතුර සම්බන්ධයෙන් පුනරීන් පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.