හෑෂ් මත්ද්‍රව්‍ය සමග තරුණයෙකු අත්අඩංගුවට
2026 March 22- Page Views : 3
හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට වැඩි තොගයක් සමග සැකකරුවෙකු බඩෝවිට ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.
බඩොවිට පොලිස් මුරපොලේ නිලධාරීන්ට ලද තොරතුරත් මත අදාළ වැටලීම සිදුකර ඇත.
එහිදි හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 24ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
සැකකරු 22 හැවිරිදි වියේ පසුවන ගල්කිස්ස ප්‍රදේශයේම පදිංචි කරුවෙකු බව සඳහන් වේ.